එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු නැවත සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ඉරානයෙන් ඉල්ලා සිටී. එසේම “ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතල තර්ජනයක්” බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ දිය නොහැකි අතර එක්සත් ජනපදය එම තර්ජනය සමනය කිරීමට පියවර ගෙන තිබේ,” යනුවෙන් ස්ටාර්ම ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ඉරානයට සාකච්ඡා මේසයට නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ කලාපයේ ස්ථාවරත්වය ප්‍රමුඛතාවය ලෙස පවතින බවයි.
මේ අතර බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර හා වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජොනතන් රෙනෝල්ඩ් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍කාශ කර ඇත්තේ ඉරානයට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාරවලට තම රට සම්බන්ධ නොවන බවත්, එයට සහභාගී වීමට කිසිදු ඉල්ලීමක් නොලැබුණු බවත් සහ ප්‍රහාර සඳහා ඩියාගෝ ගාර්ෂියා කඳවුර භාවිතා කිරීමට ඉඩ නොදුන් බවත්ය. කෙසේ වෙතත්, මෙහෙයුම පිළිබඳව බ්‍රිතාන්‍යය කල්තියා දැනුවත් කර තිබූ බව ඔහු සඳහන් කළේය.
ඔහු සඳහන් කරන පරිදි බ්‍රිතන්‍ය අගමැති විසින් මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන්ගේ හමුදා ඛණ්ඩ මැදපෙරදිග කලාපයේ යොදවා ඇත. මක් නිසාද යත් බ්‍රිතානයේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ඔවුන් කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත. එසේම යම් හෙයකින් ඔවුන්ගේ ප්‍රධාන කණ්ඩායම් තර්ජනයට ලක් වුවහොත් ඔවුන් ආරක්ෂා කිරීමට “අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග” ගන්නා බවත් රෙනෝල්ඩ්ස් පැවසීය.
