ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එයින් පසු ඔහු ජාතිය ඇමතීමට සූදානම් වෙමින් සිටිනවා.
‘අප ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථානයට ඉතා සාර්ථක ප්‍රහාරයක් එල්ල කළා. ෆොර්ඩොව්, නාටාන්ස් සහ ඇස්ෆහාන් යන ස්ථානවලට‘ යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් අඩවියේ සඳහන් කර තිබෙනවා. ‘සියලු ගුවන් යානා දැන් ඉරාන ගුවන් සීමාවෙන් පිටතට පැමිණ තිබෙනවා. සම්පූර්ණ බෝම්බ තොගයක් ඔවුන්ගේ ෆොර්ඩෝ නම් මූලික මධ්‍යස්ථානයට එල්ල කළා. ඔවුන් දැන් නැවත එමින් සිටිනවා.‘ යනුවෙන් අප්‍රසන්න යුධකාමී භාෂාවකින් ට්‍රම්ප් නිවේදනය කර තිබුණා.
ඒ අනුව ඉරාන- ඊශ්‍රායල යුද්ධයට නිල වශයෙන් ඇමෙරිකාව මැදිහත්ව තිබෙනවා.
ඉරානය පැහැදිලිව ඇමෙරිකාව මැදිහත් වුවහොත් ප්‍රතිප්‍රහාර දක්වන බව තර්ජනය කර තිබියදී මෙය සිදු වූ අතර ඉරානය මෙවැනි ප්‍රහාරයක් වූ බව තහවුරු කරනවා. ඉරාන මාධ්‍ය ආයතනයක් වන ප්‍රෙස් ටීවී පවසන්නේ ප්‍රහාර සිදුව ඇතත් එහි හානිය බරපතල නැති බව.
‘පැය කිහිපයකට පෙර ගුවන් ආරක්ෂණයන් සක්‍රීය වූ අතර, සතුරු ඉලක්ක හඳුනාගනු ලැබුවා. සතුරන් විසින් අපගේ ෆොර්ඩොව් න්‍යෂ්ඨික මධයස්ථානයේ කොටසකට පහර දුන්නා.‘ යනුවෙන් ඉරානය ප්‍රකාශ කළා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබෙන ආකාරයට මෙම ප්‍රහාරවලින් න්‍යෂ්ඨික බලපෑමක් සිදු නොවනු ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම ස්ථානවල විකිරණ බලපෑමක් සිදුවන අන්දමේ මූලද්‍රව්‍ය නොතිබුණු බව ඔවුන් කියනවා. ඒ අනුව, මෙම ප්‍රහාරයට පෙරම ඔවුන් යුරේනියම් එම ස්ථානවලින් ඉවත් කරගන්නට ඇතැයි අල් ජසීරා අනුමාන කරනවා.
මෙලෙස ප්‍රහාර එල්ල වුණේ න්‍යෂ්ඨික බලාගාරවලට නෙවෙයි. භූගතව න්‍යෂ්ඨික පර්යේෂණ සිදු කරන ස්ථානවලටයි. මෙය පැහැදිලිවම ඇමෙරිකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේම මහජන නියෝජිතයෙකු වන තෝමස් මැසී ඇතුළු බොහෝ පිරිසක් පෙන්වා දෙනවා.
ඇමෙරිකානු ව්‍යස්ථාව අනුව තවත් රටකට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමට හෝ මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට කොංග්‍රසයේ අනුමැතිය ලබාගත යුතුයි. මේ බව ඇමෙරිකාවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටි පුද්ගලයෙකු වූ බර්නි සෑන්ඩර්ස් පෙන්වා දෙනවා. ඔහු මේ වන විට සෙනෙට් සභිකයෙක් ලෙස කටයුතු කරනවා.
ඔහු මෙම ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තිය වාර්තා වන විට පොදුජන රැස්වීමක සිටියා. ඔහු සිය පාක්ෂිකයන් ඉදිරියේ මෙම ප්‍රහාරය ගැන කී පසු ‘නෝ මෝ වෝ‘ (තවත් යුද්ධයක් එපා) යනුවෙන් ජනතාව කෑගැසූ අතර ‘මම ඔබ හා එකඟයි. මම දෙයක් කියන්නම්. මෙම ප්‍රවෘත්තිය භයානක එකක් පමණක් නෙවෙයි. මේ ඔබ ඇසූ පුවත දරුණු ලෙස ව්‍යවස්ථා විරෝධීයි‘ යනුවෙන් සෑන්ඩර්ස් මහතා කියා තිබෙනවා. ඔහු මීට පෙර වීඩියෝවක් පළ කරමින් ඉරානයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම නීතිවිරෝධී බව කීවා.
ඇමෙරිකානු කොංග්‍රසයේ බහුතර ප්‍රධාන ජෝන් තුන් කියා තිබුණේ, තමන් ට්‍රම්ප්ට සහයෝගය පළ කරන බව. ඉරානය ‘ඇමෙරිකාවට මරණය‘ කියා කියනවාලු. ඊශ්‍රායලය විනාශ කරනවායැයි කියා තියෙනවාලු.
