අගමැති මෝදිගෙන් ඉරාන ජනාධිපතිට ඇමතුමක්…

එක්සත් ජනපදය ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇත.
ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් දිනෙන් දින වර්ධනය වෙමින් පැවතීමත් සමඟ මැද පෙරදිග කලාපයේ ආතතීන් ඉහළ යාම සහ එයින් ඇති විය හැකි ප්‍රථිපල පිළිබඳව එම ඇමතුමේදී සාකච්ඡා කර ඇත. එම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා රාජය තාන්ත්‍රිකව සාකච්ඡා කිරීමේ වැදගත් කම සහ අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දුරකථන සංවාදය විනාඩි 45කට ආසන්න කාලයක් පැවතී ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්, අගමැති නරේන්ද්‍ර මෝදී මහතාට ස්තුතිය පළ කර ඇති බවද වර්තා වේ. එහිදී ජනාධිපති මසූඩ් ඉන්දියාව කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා සහය වන විශ්වාසදායක මිතුරෙකු සහ හවුල්කරුවෙකු බව ද ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබා ඇත.

“ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සමඟ කතා කළා. වත්මන් තත්ත්වය පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. මෑත කාලීනව ඇති වූ ගැටුම් පිළිබඳව දැඩි කනගාටුව පළ කළා. කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාර්ගය ලෙස, වහාම ගැටුම් අවම කිරීම, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වෙත යොමු වන ලෙසට වන ඉල්ලීම යළි අවධාරණය කළෙමු.”

Spoke with President of Iran @drpezeshkian. We discussed in detail about the current situation. Expressed deep concern at the recent escalations. Reiterated our call for immediate de-escalation, dialogue and diplomacy as the way forward and for early restoration of regional peace, security and stability.

Author

Related Posts