ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කරමින් පසු ජාතිය අමතමින්, එම ප්‍රහාර ‘විස්මිත මිලිටරි සාර්ථකත්වයක්‘ බවත්, උක්ත මධ්‍යස්ථාන තුන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර නීතිය මෙන්ම ඇමෙරිකාවේම නීතිය උල්ලංඝනය කරමින් සාපරාධී ලෙස එල්ල කළ මෙම ප්‍රහාරය ගැන උදම් අනමින් ඇමෙරිකාවේ ධවල මන්දිරයේ සිට සිය විනාඩි තුනක පමණ අදහස් දැක්වීම සිදු කළා. සිය ප්‍රහාරය පිළිබඳ ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රහාර සාර්ථක බවත්, ඉරානය යටත් නොවුණොත් තමන් ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කරන බවත් කීවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කරගත යුතු බවයි. එසේ නොකළහොත්, අනාගත ප්‍රහාර මීට වඩා විශාල වනු ඇති බවත් ඒවා එල්ල කිරීමට තමන්ට වඩා පහසු වනු ඇති බවත් කීවා. සරල බසින් ඔහු ඉරානයට යටත් වන ලෙස තර්ජනය කර සිටියා.
ඉරානය සතුව මේ වන විට න්‍යෂ්ඨික ආයුධ වැඩසටහනක් ඇතැයි තහවුරු වී නැහැ. ඔවුන් සතුව ඇත්තේ අතිවිශාල කර්මාන්ත මට්ටමේ න්‍යෂ්ඨික බලාගාරමය මධ්‍යස්ථාන. මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ කිසිදු ස්වාධීන ආයතනයකින් ඉරානය සතුව න්‍යෂ්ඨික අවි ඇතැයි තහවුරු කර නොමැති පසුබිමකයි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා තිබුණේ, තව ඉලක්ක ගණනාවක් තිබෙන බව. ඒවා වෙත අධිවේගයෙන්, නිශ්චිතව සහ සූක්ෂඹ ලෙස ළඟා වීමට හැකි බව ඔහු කීවා. ඉරානයට එක්කෝ සාමය නැත්නම් විශාල ඛේදවාචකයකට මුහුණදීමට සිදුවන බවත් ඔහු කීවා. පසුගිය දින අටේ දුටුවාට වඩා බිහිසුණු සිදුවීම් ගැන ඔහු තර්ජනය කළා. මේ වන විටත් ඉරානයේ සිවිල් වැසියන් ඇතුළු පිරිස්වලට ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපති ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සුබ පතා තිබුණා. ඔහු කීවේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ටීම් එකක් ලෙස වැඩ කරන බවයි. තමන් මේ වනවිටත් ඊශ්‍රායලයට ඇති භයානක තර්ජනය මකා දැමීමට දිගු දුරක් ගමන් කර ඇති බවත් කීවා.
විදේශ රටවලට ඇමෙරිකා එක්සත් ජනපදය යුධමය වශයෙන් මැදිහත් නොවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන පොරොන්දුවක් වුණා.
