රාජ්‍ය සේවකයන්ගේත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම අරඹයි…

2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ඔවුනගේ කලත්‍රයා සහ දරුවන් ද ඇතුළුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ඔවුන්ගෙන් යැපෙන අයගේ ද වයස නොසලකා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීම අත්‍යවශ්‍ය වන අතර, සියළු දෙනාගේ දේපළ සහ බැංකු ගිණුම් පිළිබඳව තොරතුරුද ලබා දිය යුතුය.

ලියාපදිිංචි බදු ගෙවන්නෙකු නම් TIN අංකය ඇතුලත් කළ යුතුය  ප්‍රකාශය ලබා දුන් දිනට අවම වශයෙන් මාස හයකට පෙර තම නිවස තුළ ජීවත්ව සිටි ඕනෑම පුද්ගලයකු අන්‍යොන්‍ය  අයිතිවාසිකම් සහ බැඳීම් බෙදා ගන්නේ නම්  මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දීමට ආවරණය කර ඇත.

ප්‍රකාශකයා හැර ආවරණය වන පුද්ගලයන්  පිළිබඳ තොරතුරු, අදායම් බදු අංක, ආවරණය කරන ලද ඕනෑම පුද්ගලයෙකු සතු සියලුම නිශ්චල සහ චංචල දේපළ පිළිබඳව ලැයිස්තු ආකෘතිය අනුව ලබා දිය යුතුය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading