වෛද්‍ය මහේෂි ගැන දන්නවනම් මේ අංකෙට කියන්න

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ  රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ප්‍රතිකාර ලබා අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාල තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස කොමිසම දැනුම්දිමක් සිදු කරනවා.

1954 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් මෙම තොරතුරු  දැනුම් දීමට හැකියාව පවතිනවා.

Author

Related Posts