මහනගර සභා පොහොට්ටු සභික ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි…

ගාල්ල මහ නගර සභාවට තේරී පත් වූ පොදුජන පෙරමුණේ සභිකයින් තුන් දෙනෙක් ඊයේ (20) නගරාධිපති තෝරාපත් කර ගැනීමේදී ජාතික ජන බලවේගයට සහය දී ඇත. ඒ හේතුවෙන් පොදුජන පෙරමුණේ ගාල්ල මහනගර සභා පොහොට්ටු සභික ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

පක්ෂයේ තීරණ වලට පිටුපා ක්‍රියාකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග විනය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින් ප්‍රියන්ත සහබන්දු වෙත ලිපියක් යවා තිබෙනවා. එසේම මාධ්‍යට අදහස් දක්වමින් සාගර කාරියවසම් ප්‍රකාශ කර සිටියේ සහබන්දුගේ පක්ෂ සමජිකත්වය අහෝසි කිරීමෙන් පසුව නගර සභාවේ තනතුරුද අහිමි වන බවයි.
ගාල්ල මහා නගර සභාවේ ජාතික ජන බලවේගයට ආසන 17ක්, සමගි ජන බලවේගයට ආසන 9ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 5ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 3ක් සහ පොදුජන එක්සත් පෙරමුණට ආසන 2ක් ලබා ගැනීමට හැකි විය. මහනගර සභාවේ සභාපතිවරයා තෝරාගැනීම කළයුත්තේ කෙසේද යන්න තීරණය කිරීමට, ඊයේ රහස් ඡන්දයක් පැවැත්වූ අතර එහිදී පක්ෂව ඡන්ද 20ක් ද විරුද්ධව ඡන්ද 17ක් ලැබුණා. මෙහිදී පොහොට්ටුවේ සභිකයන් තිදෙනා ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය භාවිත කර ඇතැයි අනෙකුත් පක්ෂවලින් දැඩි විරෝධතාවයක් මතු වූ අතර සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
පසුව නගරාධිපති පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී ජාතික ජනබලවේගයට පක්ෂව ඡන්ද 19ක් ලැබුණා. ඒ අනුව ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එච්.අයි සුනිල් මහතා තේරී පත් වූ අතර නියෝජ්‍ය නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා නිතරඟයෙන් තේරී පත් වුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading