මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තිදෙනා යළි ජූලි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්‍ෂ 40 කට ආසන්න මුදලක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි ඔවුන් අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන කලක් තිස්සේ සිදු කළ ආවේක්ෂණ රාජකාරී වලින් අනතුරුව මෙම වැටලීම සිදු කළ බවයි.
බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබී ඇති අතර වැටලීම සිදුකළ අවස්ථාවේ එම ආයතනයේ තිබූ CCTV දර්ශන මකා දමා තිබූ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ සහය ඇතිව මීට අදාළ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔවුන්අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading