මහනුවර පහතහේවාහැට සහ බිංගිරිය ප්රාදේශිය සභාවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගයට අද හැකි වුණා.
පහතහේවාහැට ප්රාදේශිය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (19) උදෑසන පැවැත්වුවා.
එහීදී සමගි ජන බලවේගයේ අපේක්ෂක කේ.එස්.පී. රාජනායක සභාපතිවරයා ලෙස තේරීපත් වූයේ ඡන්ද 23ක් ලබා ගනිමින්.
සමගි ජන බලවේගය මන්ත්රීවරුන් 12 දෙනෙකු, ශ්රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්රීවරුන් 03 දෙනෙකු, පොදුජන එක්සත් පෙරමුණ මන්ත්රීවරුන් 03 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු නව සභාපතිවරයාට සහය පළ කරමින් ඡන්දය ලබා දුන්නා.
ඊට අමතරව සර්ව ජන බය පක්ෂයේ දෙදෙනෙකු සහ එක්සත් ජාතික සන්ධානයේ මන්ත්රීවරයෙකු නව සභාපතිවරයාට සහය පළකරමින් ඡන්දය ලබාදී තිබෙනවා.
එහිදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ඡන්ද 19ක් ලැබී තිබුණා.
ඔහුට ස්වාධීන කණ්ඩායමක මන්ත්රීවරයෙකු පමණක් සහය පළකර තිබෙනවා.
