මුදලට විකිණිච්ච SJB මන්ත්‍රීවරයෙක් නිසා අපිට බලය නැති වුණා…

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජනබලවේගය ඊයේ (18) සමත් වුණා. එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව ජාතික ජනබලවේග සභාපති ධූර අපේක්ෂකයා විසින් දිනා ගත්තා. සභාපති තෝරාගැනීමේ සභාවෙන් අනතුරුව සමගි ජන  බලවේගයේ මන්ත්‍රීන් අතර බහින්බස් වීමක් වුණා. එහිදී සභිකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සමගි ජන බලවේගයට පළමු වතාවට බදුල්ල දිස්ත්‍රිකයේ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට අවස්ථාව තිබූ බවයි. නමුත් ඔහු සඳහන් කර සිටියේ මුදලට විකිණුනු සමගි ජන බලවේගයේ සභිකයකු නිසා එම අවස්ථාව මග හැරී ගිය බවයි.  

සොරණාතොට ප්‍රාදේශීය සභාව සභික ධූර 16කින් සමන්විත වන අතර ජාතික ජන බලවේග යට සභික ධූර 6ක්, සමගි ජන බලවේගයට සභික ධූර 4ක්, පොදුජන එක්සත් පෙරමුණට සභික ධූර 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 2ක්, එක්සත් ජාතික පක්ෂයට සහ සර්ව ජන බලයට සභික ධූර 1 බැගින් හිමි විය.

සභාපති ධූරය තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් සහ විවෘත ඡන්දයක් යනුවෙන් යෝජනා 2ක් ඉදිරිපත් වූ බැවින් ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වන ලදී.

එහිදී ඡන්ද ප්‍රමාණය සමාන වූ බැවින් කුසපත් ඇදීමෙන් ජාතික ජනබලවේගයේ සභාපති ධූර අපේක්ෂක ඒ.ඩී. අශෝක කිර්ති මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. ආර්. එම හර්ෂ මිලින්ද මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂකයා ලෙස තරඟ කරන ලදී. 

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading