මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල…

ඉරාන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායලයේ සත්කාර සේවිකාවක සේවය කරන ශ්‍රී ලංකික කාන්තාවකට තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා. ඔහු සඳහන් කරන ආකාරයට ඊශ්‍රායලයේ ටෙල් අවිව් රෝහලේ තමා බලාගන්නා වැඩිහිටියෙකු සමඟ Beersheva Soreka hospital සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී මහත්මිය අද දින රෝහල ආසන්නයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

ඇය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ශ්‍රී ලංකාවේ සිට මීට මාස හයකට පමණ පෙර ඊශ්‍රායලයේ සේවයට පැමිණි අයෙකි. ඇය මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳව සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් පිටත් කර හැරීමට කටයුතු කරන බව වැඩි දුරටත් සඳහන් කර ඇත.
මෙම ඉරාන ඊශ්‍රායල සහ ඊශ්‍රායලය විසින් පලස්තීනයට පහර දීම යන යුධ ගැටුම් හේතුවෙන් එම රටවල වෙසෙන ශ්‍රී ලංකික විදෙස් ශ්‍රමිකයන්ට පැහැදිළිවම අවදානමක ඇත. එම නිසා රජය මීට වඩා මෙම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඉරාන ඊශ්‍රායල් යුද්ධය ආරම්භයට පෙර සිටම සංවිධාන ගනණාවක් කියා සිටියහ. නමුත් එවකට කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර ලංකාවට ඔවුන් එවන ඩොලර් ගාණ ගණන් කළා මිසක නිසි පියවර ගත්තේ නැත.

ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් ගමනාන්ත රට වලදී ආරක්ෂා කිරීම රජයේ සහ ගමනාන්ත රටවල තානාපති කාර්යාල වල වගකීමකි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading