රන් පැහැ ගැන්වූ T56 ගිනි අවියේ සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු 4 දෙනෙක් ලබන ජූනි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක සතුව තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ T56 ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධ නඩුවට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස නියෝග කර ඇත.
ඒ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් 4 දෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රන් පැහැ ගැන්වූ T56 ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධව සිද්ධියට අදාලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 23 වැනිදාය.
මෙහිදී ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකාද සිල්වා මහත්මිය විසින් විමර්ශන වල තත්ත්වය පිළිබඳ විමසූ අතර විමර්ශන සඳහා තව කාලය අවශ්‍ය බව එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශය සඳහන් කර ඇත.
