2015 -2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කළ ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක දුෂණයක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසා ඇත.
ඊයේ දින (18) නිවාස සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යංශ නිළධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ඔවුන් මේ බව ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කරයි.
ඔහු සඳහන් කරන ආකාරයට රුපියල් බිලියන 30ක මුදලක් 2015 -2019 කාල වකවානුව තුළ ණය දී ඇති නමුත් එම ණය අය කරගෙන ඇත්තේ බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් පමණි. ඒ අනුව බිලියන 26ක් ණය අයකර ගැනීමේ අපහසුතාවයක් තිබෙන බවත් ඒ මොහොතේ ණය ලබා දී තිබූ පුද්ගලයින් සහ ආණ්ඩුව ඇතුළේ හිතවතුන්ට බෙදා දීම විසින් විශාල දුෂණයක් සිදූ වී ඇති ආකාරයක් පෙන්නුම් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
කෙසේ වුවද ඒ පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ඒ අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
යහපාලන සමය තුළ සිදුව ඇති මේ දුෂණයන් පිළිබඳව කඩිනමින් සොයා බලා මීට අදාළ දූශිතන් රටට හෙළි කිරීම, දඬුවම් කිරීම සහ එමගින් රජයට සිදුව ඇති පාඩුව පියවා ගැනීමට රජය කඩිනමින් පියවර ගත යුතුය.
අදට හරියටම වසරකට පෙර එනම් 2024.06.19 වෙනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා කියා සිටියේ 2015-2019 කාලයේ ව්‍යාපෘති 7ක් වැඩ අවසන්ව නොමැති බවයි.
එහිදී ඔහු සඳහන් කළේ 2015- 2019 කාල සීමාව තුළ ක්‍රියාත්මක වුණු නිවාස වැඩ සටහන් 07ක් යටතේ වැඩ අවසන් නොකළ නිවාස 44,053ක් වැඩ අවසන් කිරීම සදහා රුපියල් මිලියන 15,244ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙන අතර එම මුදල ලැබුණු වහාම ඒ නිවාස වල වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වුවද ප්‍රසන්න රණතුංග යටතේ මෙම අමාත්‍යංශය පැවති එම වකවානුව තුළ ලැබුණු මුදල් වලට අදාලව මෙම නිවාස වැඩසටහන් සිදු කළ ආකාරය පිළිබඳවද සවිස්තරාත්මක වාර්තාවක් හෙළි කළ යුතුව ඇත.
