ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති සඳහන් කළා.
මෙම සැකකරුට අදාළ මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන අතර එම විමර්ශන අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරීපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරීය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමට සල්ලි යැවූ පුද්ගලයෙක් රිමාන්ඩ්..
