වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෆාර් සමුගනී! රොහාන්ත අබේසූරියගේ නමට අනුමැතිය!

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකර තිබිණි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා අද (18) දිනයේ විශ්‍රාම ගැනීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා මෙසේ රොහාන්ත අබේසූරිය මහතා පත්වීමට නියමිත ය.

Author

Related Posts