තොණ්ඩා- මාළිමා දීගයෙන් නුවරඑළිය නගරාධිපති තෝරලා! විවෘත ඡන්දයක්ලු

නුවරඑලිය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වනිගසේකර මහතා තේරි පත් වී තිබෙනවා.

ඔහු විවෘත ඡන්ද 14 කින් තේරී පත් වු අතර, එම සභාවේ උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා මහතා තේරී පත් වුණා.

ඒ ඡනද් 14ක් ලබා ගනිමින්.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභා වාරය අද (18) පෙරවරු 8.30ට ආරම්භ වුණා.

මෙම නගර සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර, ඒ සදහා රහස් ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 11 දෙනෙකු යෝජනා කල අතර, විවෘත ඡනදයක් පවත්වන ලෙසට සභිකයින් 14 දෙනෙකු එකගතාවය පළ කළා.


ඒ හේතුවෙන් මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය බහුතර සභිකයින්ගේ එකගතාවය මත, විවෘත ඡනදයකින් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබුවා.

  1. නුවරඑලිය මහ නගර සභාව ( මන්ත්‍රීධූර 25)
    • ජාතික ජන බලවේගය – 12
    • සමගි ජන බලවේගය – 04
    • එක්සත් ජාතික පක්ෂය – 03
    • ස්වාධීන – 03
    • ලංකා කම්කරු කොංග්‍රසය – 02
    • පොදු ජන එක්සත් පෙරමුණ – 01

Author

Related Posts