කල්පිටිය ප්රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබු මෝටර් රථයකට මදුරන්කුලිය – විරුතෝඩේ ප්රදේශයෙදී පිරිසක් ඊයේ (16) රාත්රියේ පහරදී මෝටර් රථයට බරපතල අලාභ හානි කර සභාපතිවරයාටද පහර දීමක් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසනවා.
මෙලෙස ප්රහාරයට ලක්ව ඇත්තේ, ජාතික ජන බලවේගය පක්ෂයෙන් මෙවර කල්පිටිය ප්රදේශීය සභාවට තේරී පත්වු අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් ගනිමින් තිබු මෝටර් රථය බව පොලිසිය කියා සිටියා.
සභාපතිවරයා තවත් කිප දෙනෙකු සමග ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ ආපසු විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදි එම නිවස ආසන්නයේදී මෙම ප්රහාරයට ලක්ව තිබුණා.
ඔහු මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙන අතර, මෙම සිදුවීමෙන් පසු ප්රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවිමට කටයුතු කර තිබුණා.
