නගරාධිපති රහස් ඡන්දෙන්

දීර්ඝ විවාදයකින් අනතුරුව කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විට ඡන්ද කටයුතු ආරම්භ වී ඇති බවයි.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණා

ජාතික ජන බලවේගය ව්‍රායි කැලී බල්තසාර් යෝජනා කර ඇති අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මොහොමඩ් රීසා සාරුක් යෝජනා කර තිබෙනවා.

Author

Related Posts