කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රයි බල්තර්සා මහත්මිය තේරි පත් වුණා.
ඒ ඡන්ද61 කින්.
මෙහිදී විපක්ෂය විසින් ඉදිරිපත් කල රිසා සාරුක් මහතාට ලබා ගත හැකි වුයේ ඡන්ද 54ක් පමණයි.
මන්ත්‍රිවරු දෙනෙකු ඡන්දය විමසිමෙන් වැළකි සිටියා.
මේ අතර, බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණා.
කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය අද (16) පෙරවරු 9ට ආරම්භ වු අතර , නගරාධිපති තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම උණුසුම් මුහුණුවරක් ගත්තා.
කොළඹ නගරාධිපති තෝරාගැනීමට ඡන්ද විමසීම උදෑසන නවයට පටන් ගත්තා. නාගරික කොමසාරිස් සාරංගිකා කල්හාරි විසින් කීවා නගරාධිපති සඳහා සභිකයන්ගේ නම් යෝජනා කරන්න කියලා. නම් එකකට වඩා යෝජනා වෙලා තියෙනවා නම් ඡන්ද විමසීමකට යන්න ඕනෑ බවත්,ඒක විවෘතද නැද්ද කියන එක සභාව තීන්දු කරන්න ඕනෑ බවත් කීවා. විවෘත ඡන්දයක් පවත්වනවාද, රහස් ඡන්දයක් පවත්වනවාද යන කාරණය පිළිබඳ සභිකයන් අතර මතභේදයක් ඇතිවුණා.
එයින් පසු ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවියගේ නම හේමන්ත කුමාර විසින් නගරාධිපති ධුරය සඳහා යෝජනා කළා. එය ස්ථීර කරනු ලැබුවේ ප්‍රසන්න ලියනආරච්චි විසින්.
රෝයි නිශාන්ත විසින් නරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයෙන් රීසා සාරුක්ගේ නාමයෝජනාව යේජනා කළා. සුනන්ද ලියනපතිරණ විසින් ස්ථීර කළා.
එයින් පසු ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර විසින් රහස් ඡන්දයක් ඉල්ලා සිටියා. එහෙත්, රෝයි නිශාන්ත විසින් විවෘත ඡන්දයක් ඉල්ල සිටියා. ඡන්දය රහස් ඡන්දයක් විය යුතුද යන්න පිළිබඳ විවාදයක් ඇති වුණා. එහිදී නාගරික කොමසාරිස්වරිය යෝජනා කළේ, රහස්‍යභාවය ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් ඉන්න පසුබිමක බෙදීමක් තියෙන නිසා රහස් ඡන්දයකින් කරමු කියලා.
මේ පිළිබඳ විවාදයක් ඇති වුණා. නීතිය මෙන්ම ප්රජාතන්ත්රවාදය ගැන දැවැන්ත සංවාදයක් ඇති වුණා. පළාත් පාලන පනත ගැනත් සාකච්ඡා කෙරුණා. සැබෑ ලෙසම ප්රජාතන්ත්රවාදය සුරැකෙන්නේ රහස් ඡන්දයකදීයි. ඒ නිසායි රටේ මැතිවරණ පැවැත්වීමේදී ඒවා රහස් ඡන්ද වෙන්නේ. යම්කිසි ඡන්දයක් පාවිච්චි කරන විට තමන් අහවලාට ඡන්දය දුන්නායැයි තව කෙනෙකු දැන නොගත යුත්තේ, ඒ කෙනාට බලපෑමක් සිදු නොවීමටයි. ඒ කියන්නේ හෘදය සාක්ෂියට එරෙහිව නිදහසේ ඡන්දය දීමටයි.
එහෙත් විශේෂ අවස්ථා උදා වෙනවා. විශේෂයෙන් ජනතාවගේ ඡන්දය ලැබූ මහජන නියෝජිතයන් යම්කිසි සුවිශේෂී අවස්ථාවක ඡන්දය ප්‍රකාශ කරන මොහොතක එය විවෘත ඡන්දයක් වීමත් වැදගත්. ඇතැම් ආන්දෝලනාත්මක පනත් සම්මත කරන අවස්ථාවක එයට පක්ෂව හෝ විපක්ෂව සිය නියෝජිතයා ඡන්දය දුන් හැටි දැනගන්නට ජනතාව උනන්දු වෙනවා. තවත් උදාහරණයක් ලෙස 2022 දී රටේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බලවතුන් ඉල්ලා සිටියේ රහස් ඡන්දයක්. දැන් විවෘත ඡන්දයක් ඉල්ලා සිටින සියලු කණ්ඩායම් ඉල්ලා සිටියේ රහස් ඡන්දයක්. තමන් විසින් තෝරා පත් කරගත් නියෝජිතයන් විසින් අරගලයේ අපේක්ෂාවලට අනුකූලව ඡන්දය දෙනවදැයි බලා සිටියදී රහස් ඡන්දයින් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති බවට පත් වුණා.
විශාල වාද විවාදවලින් පසු, රහස් ඡන්දයක් පවත්වනවාද නැද්ද යන්න තීන්දු කිරීම සඳහා තවත් රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශ කළා. ඇය ප්‍රකාශ කළේ, තමන්ට රාජ්‍ය පරිපාලන උපදෙස් සහ තමන්ට ඇති බලතල අනුව එසේ කළ යුතු බවයි. කෙසේ වෙතත්, එම අවස්ථාවේ එයටද දැඩි විරෝධයක් එල්ල වුණා.
එයින් පසු රහස් ඡන්දයක්ද, විවෘත ඡන්දයක්ද යන්න තීන්දු කිරීම උදෙසා ඡන්දයක් පැවැත්වීමට සූදානම් වුණා. කෙසේ වෙතත්, එයට විරෝධය පළ කරන අතරතුර රෝයි නිශාන්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද යන්න සොයා බැලීමට වඩා, කෙළින්ම නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයකට යෑම උචිත බවයි. එසේ නොවන්නේ නම් මෙය කාලය නාස්ති කිරීමක් බවට පත්වනු ඇතැයි එහිදී අදහස් මතු වුණා. ඒ අනුව, රහස් ඡන්දයකට යෑම සඳහා සමගි ජන බලවේගයේ යෝජනාව ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර විසින් ස්ථීර කිරීමෙන් පසු රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා.
පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ 66 ආ වගන්තිය අනුව පළාත් පාලන ආයතනයක මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට 50ක් හෝ ඊට වැඩි පතිශතයක් පිළිගත් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තෝරාගෙන ඇති අවස්ථාවක කොමසාරිස් විසින් එම කණ්ඩායම විසින් තෝරාගන්නා නගරාධිපතිවරයෙකු සහ උප නගරාධිපතිවරයෙකු පත් කර ගන්නවා.
කෙසේ වෙතත් 66 ඇ. (1) වගන්තිය මෙසේ සඳහන් වෙනවා.
‘යම් පළාත් පාලන ආයනයක සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා අඩු සංඛ්‍යාක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ යම් ස්වාධීන කණ්ඩායමක් විසින් ලබාගෙන ඇති අවස්ථාවකදී, එකී පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී එම පළාත් පාලන ආයතනයේ නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කරගනු ලැබිය යුතුය.‘
එහෙත්, එලෙස බහුතරයක් නොමැති අවස්ථාවක සිදු විය යුතු ක්‍රියාවලිය 66 ඇ (6) වගන්තියේ සඳහන් වෙනවා.
‘සභිකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ නම් නගරාධිපතිවරයා වශයෙන් තේරා පත් කර ගැනීම සඳහා යෝජනා කොට ස්ථීර කරනු ලැබූ අවස්ථාවක, තෝරා පත් කර ගැනීමේ ක්‍රමය, පැමිණ සිටින සාමාජිකයන් විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන විවෘත හෝ රස්ය ඡන්දයක් මගින් විය යුතුය. එවැනි යෝජන සම්මතයක් මත පාවිච්චි කරනු ලබන ඡන්ද සංඛ්‍යාව සමානව බෙදී ඇත්නම් තෝරා පත් කර ගැනීමේ ක්‍රමය නිශ්චය කිරීම මුලසුන දරන නිලධරයා දිරියේ ඔහු විසින්ම නියම කරනු ලබන ආකාරයට කුසපත් ඇදීමෙන් සිදු විය යුතුය.‘
ඒ අනුව, පවත්වන්නේ රහස් ඡන්දයක්ද, විවෘත ඡන්දයක්ද යන්න තීන්දු කළ යුත්තේ යෝජනා සම්මතයක් මගින්. ඇතැම් නීති විශේෂඥයන් කියන්නේ එම යෝජනා සම්මතය විවෘතව සිදු විය යුතු බව. කෙසේ වෙතත්, ඒ ගැන පැහැදිලිව නීතියේ සඳහන් වෙලා නැහැ. නාගරික කොමසාරිස්වරිය තම අභිමතය අනුව කටයුතු කර තිබුණේ ඒ අනුව.
නගර සභාවක කාර්ය භාරය මහනගර සභා පනතේ සඳහන් වෙනවා. එම පනතේ මෙසේ සඳහන්.
‘එක් එක් මහා නගරය සඳහා සංස්ථාපනය කරන ලද මහා නගර සභාව, මෙම ආඥාපනතින් හෝ වෙනත් යම් ලිඛිත නීතියකින් වෙනත් යම් අධිකරයකට වෙන් කරන ලද හෝ වරන ලද බලතලවලට යටත්ව, මහජන සෞඛ්‍ය, මහජන උපයුක්තතා සේවා සහ පෙදු මංමාවත් පිළිබඳ සියලු කරණා විධිමත් කිරීමද, පාලනය කිරීමද, පරිපාලනය කිරීම ද සාමාන්‍ය යෙන් මහජනයාගේ සැප පහසුකම්, පහසුකම් සහ ශුභසධක කටයුතු හා මහා නගරයේ සුඛ විහරණ ක්‍රම අරක්ෂා කිරීම ද ප්‍රවර්ධනය කිරීම ද භාර වූ එකී මහා නගරයේ පරිපාලන සීමා ඇතුළත් වූ පළාත් පාලන ආයතනය වන්නේය.‘
මහනගර සභා පනතේ නගරාධිපතිවරයා පිළිබඳ මෙසේ සඳහන් වෙනවා. ‘මහා නගර සභාවක නගරාධිපතිවරයා 254(ආ) වන වගන්තියේ විධිවිධානවලට යටත්ව සභාවේ ප්‍රධාන විධායක නිලධරයා විය යුතු අතර, සභාව විසින් කළ යුතු යැයි හෝ නොකළ යුතුයැයි මෙම ආඥාපනතින් හෝ වෙන යම් ලිඛිත නීතියකින් විධානය කර ඇති හෝ බලය පැවරී ඇති සියලු විධායක ක්‍රියා සහ වගකීම්, පද සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ චෝදනාවක් පෙනී යන්නේ නම් මිස, නගරාධිපතිවරයා විසින් කළ හැකිය. නැතහොත් ඉටු කළ හැකිය.‘
මේ අනුව නගරාධිපතිවරයෙකුට විශාල බලයක් පැවරෙනවා. ඊට අමතරව ස්ථාවර කමිටු පත් කිරීමේ බලයක් තියෙනවා. ඒ අනුව තමයි නගර සභාවක් පාලනය කරනු ලබන්නේ.
