ඊශ්‍රායලය ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන ආරක්ෂක අමාත්‍යංශ මුලස්ථානය වෙත ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ හයිමා සහ ශහරාන් (Shahran) තෙල් ගබඩා සංකීර්ණ මෙන්ම ගෑස් ටැංකි කීපයකටද ප්‍රහාරයෙන් හානි සිදු වී ඇත. ඊශ්‍රායල හමුදාව පවසන්නේ එය “ඉරාන පාලන තන්ත්රයේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියට අදාළ” ස්ථාන ඉලක්ක කරගත් බවයි.
ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයේ බැට් යෑම් (Bat Yam) නුවර ඇතුළු ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. දෙරට අතර ගුවන් ප්‍රහාර නිසා ඉරානයේ සහ ඊශ්‍රායලයේ ආර්ථික කේන්ද්‍රස්ථාන රැසකට හානි සිදු වී ඇති අතර මේ වන විට ඊශ්‍රායලය විසින් එක් රැයක් තුළ ඉරානය වෙත එල්ල කර ඇති ගුවන් ප්‍රහාරය 100කට අධිකය. පවතින තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවා ඉරානයේ සියළු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව ප්‍රකාශ කර ඇත.
ඉරානයද දිගු කාලීන සටනකට සුදානම් වන බවත්, ඉරානය විසින් යුද්ධයක් ආරම්භ නොකළ ඉරාන ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රකාශ කර ඇත. නමුත් එම යුද්ධයේ අවසානය ඉරානය විසින් තීරණය කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. පසුගිය දින දෙක තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු මිය ගොස් තවත් 800 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය පවසයි. මියගිය අය අතර ළමුන් 20 දෙනෙකු ද වෙති.
මේ අතර ඉරානය විසින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය වෙත ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට මෙම රටවල් විසින් කටයුතු කරනු ලැබුවහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවද වාර්තා වේ.
