තරිඳු උඩුවරගෙදර
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බාලපටබැඳි සහ සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ෆ්රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් එවා ඇති එම නම්වලට විරෝධයක් මතු වී තිබුණේ නැහැ.
මීට පෙර අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් පැවති අතර, එම පුරප්පාඩු අතරින් තුනක් මාර්තු 11 වැනිදා සම්පූර්ණ කරනු ලැබුවා. විනිසුරුවරුන් වන ඩබ්ලිව්.කේ. සුමුදු ප්‍රේමචන්ද්‍ර. කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ. ප්‍රේමශංකර් යන විනිසුරුවරුන් එදින පත්වීම් ලැබුවා.
එම තිදෙනාගේම නම් අගවිනිසුරුවරිය විසින් පෙබරවාරි මාසයේදී නිර්දේශ කර තිබුණා. කෙසේ වෙතත්, ඉහත නම් තුනට අමතරව ප්රෑන්ක් ගුණවර්ධන මහතාගේ නමද පෙබරවාරි මාසයේදී අභියාචනාධිකරණය උදෙසා නිර්දේශ කර තිබුණා.
එම අවස්ථාවේ අභියාචනාධිකරණයට පත් කිරීම වෙනුවෙන් නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක සහ සුදර්ශන සිල්වාගේ නම් යෝජනා කර තිබුණද එම දෙදෙනාව පත් නොකිරී විශේෂත්වයක් වුණා.
