ජිමුත් ඉඳුසර රත්නායක
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි මස 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කළ අවස්ථාවේ දී නියෝග කර තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධී ලෙස හා අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත ව සිටින්නේ.
කෙසේ වෙතත් රාජ්‍ය දේපළ සාපරාධී හා අයථා ලෙස පරිහරණය කරමින් කටයුතු කළ හා තවදුරටත් එසේ සිදු කරන රාජ්‍ය සේවයෙහි නියුතු මාණ්ඩලික හා සෙසු සාමාන්‍ය නිලධාරීන්ට මෙන් ම නීතියෙන් පිට පනිමින් දේශපාලන රැකවල් මධ්‍යයේ සිටි අයවලුන් සඳහා ද තුසිත හල්ලොලුව වෙත ගොනු කර ඇති මෙම නඩුව ඔස්සේ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වන බව සඳහන් කළ යුතු යි.
