ජිමුත් ඉඳුසර රත්නායක
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා අක්‍රිය කරන බව විදුලි බල මණ්ඩලය පවසනවා.
ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට යෝජිත බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ.
මෙම ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වුවත්, තවත් ජනන යන්ත්‍ර 2 ක් ක්‍රියාකාරී මට්ටමේ පැවතීම හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් ඇති නොවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
මෙසේ දින 25 කින් අනතුරුව තුන් වන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ද අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට නියමිත ව තිබෙන බව සඳහන් වනවා.
මේ අතර දැනට මාස 1 1/2ක කාලයක් මුළුල්ලේ අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර තිබූ මෙගා වොට් 165ක ධාරිතාවකින් යුතු කැලණි තිස්ස සංයුක්ත චක්‍රිය බලාගාරය ද විදුලි ජනන කටයුතු සඳහා ඉදිරි දින කිහිපය තුළ යළි ජාතික පද්ධතිය වෙත එක් කිරීමට නියමිතයි.
