“ගෝලීය බදු අර්බුදය හමුවේ විකල්ප විසඳුම් සඳහා වන සමාජ ව්‍යාපාරය” විසින් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමක් ජුනි මස 12 වන දින කොග්ගල අපනයන සැකසුම් කලාපය ඉදිරිපිටදී සිදු කරන ලදී.
2025 අප්‍රේල් මස 05 වන දින සිට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලු රටවලට
බලපාන ආකාරයේ තීරු බදු ඉහළ නංවන ලදී. එහිදී තීරු බදු සියයට 10 කින් ඉහළ දැමූ අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 60 ට වැඩි සංඛ්‍යාවකට අප්‍රේල් 09 වන දින සිට ප්‍රතිචාරක තීරු බදු ලෙස පැනවූ බදු ට්‍රම්ප් විසින් පසුගිය දින තාවකාලිකව දින 90 කට අත්හිටුවන ලදී.
මේ හේතුවෙන් ගෝලීය වෙළඳ වෙළඳපලෙහි ඇති වූ වෙනස්කම් හා ඉදිරියේ ඇති විය හැකි වෙනස්කම් කිසිවක් ශ්‍රී ලංකාවට
හිතකර නොවිය හැක.
එළෙසින් සිදු වන වෙළඳපල වෙනස්කම් හේතුවෙන් විශේෂයෙන් මෙරට වැඩ කරන ජනතාවගේ රැකියා සුරක්ෂිතතාවයට තීරණාත්මක බලපෑමක් සිදු විය හැකිය. එම නිසා මෙවන් අවස්ථාවක ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහ අර්බුධයට විසඳුම් සෙවීමට මෙරටේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ට වගකීමක් ඇත. එම වගකීම පිළිබඳව සාකච්ඡා කරමින් සාමූහික වූ කණ්ඩායමක් “ගෝලීය බදු අර්බුදය හමුවේ විකල්ප විසඳුම් සඳහා වන සමාජ ව්‍යාපාරය” යනුවෙන් එක්ව උක්ත අර්බුධයට විසඳුම් සෙවීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එහි එක් ක්‍රියාමාර්ගයක් ලෙස කොග්ගලදී මෙම අත් පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබිණි.
මෙහි තවත් එක වැඩසටහනක් පසුගිය ජූනි 6 වෙනිදා බියගම අපනයන සැකසුම් කලාපය ඉදිරිපිටදී සිදු කරන ලදී. මෙහිදී අපනයන සැකසුම් කලාප සේවකයන් ප්‍රධාන වශයෙන් ඉලක්කගත කිරීමට හේතුව වන්නේ මෙම බදු ප්‍රතිපත්තීන් හමුවේ ප්‍රධාන වශයෙන් අවදානමට ලක් විය හැකි සේවක කණ්ඩායම ඔවුන් බැවින්ය.
