ජිමුත් ඉඳුසර රත්නායක
ඊශ්‍රායලය විසින් ඉරානය වෙත ඊයේ (12) රාත්‍රියේ දී හා අද අලුයම එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 4 කට ආසන්න මිලකින් හෙවත් 9%ක අගයකින් ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මාස පහකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහල ම අගය බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල ඇමෙරිකානු ඩොලර් 75.65 ක් ලෙස සටහන් වනවා.
පසුගිය ජනවාරි 27 වන දා මෙම බ්රොන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50 ක් ලෙස සටහන් වූ අතර ඉන් පසු වාර්තා වූ ඉහළ අගය මෙය බවයි සැලකෙන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින මෙම නො සන්සුන්කාරී තත්ත්වය, ගෝලීය වෙළෙඳාමට ද දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති අතර ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්ත ක්‍රියා හමුවේ නිහඬතාව රකිමින් හා එ් සඳහා විරෝධය දක්වන්නන් සමච්චලයට ලක් කරමින් සිටින ඇතැම් ලෝක හා ශ්‍රී ලාංකික ප්‍රජාවන් ට යුද්ධයේ අතුරු බලපෑමෙන් තමාට ද මිදිය නො හැකි බව මින් පසක් වු ඇති බව නො අනුමානයි.
