සිදුකළ ඝාතන පිළිබඳ ව ලොකු පැටී වමාරයි

ජිමුත් ඉඳුසර රත්නායක

මෙරට අපරාධ කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” සතුව තිබූ ගිනිඅවි හයෙන් ගිනිඅවි දෙකක් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට හැකිවී තිබෙනවා.

ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” ආරක්ෂක අංශ විසින් පසුගිය මැයි 4 වැනි දා බෙලරූස් රාජ්‍යයේ සිට දිවයිනට රැගෙන ආ අතර, දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීම් හා විමර්ශන මේ වන විටත් සිදුකරමින් පවතිනවා.

ඒ අනුව, ඔහු විසින් සිදුකළ ඝාතන මෙන්ම ඔහු සතු ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට එම කොට්ඨාසය සමත්වී තිබෙනවා.

2023 හා 2024 වසරවලදී ඔහුගේ මෙහෙයවීමෙන් කොස්ගොඩ සුජීගේ ගෝලයන් දෙදෙනෙකු අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවලදී ඝාතනය කර ඇති බව අනාවරණ වූ බවත්, ඇන්ටා නම් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී ඝාතනය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වූ බවත් ලොකු පැටී අනාවරණ කර ඇති බව වාර්තා වනවා.

රොටුඹ අමිල නම් අපරාධකරුගෙන් තමා විවිධ අවස්ථාවලදී ගිනිඅවි ලබාගත් බවත්, ඒ අතර ටී-56 ගිනිඅවි තුනක් හා පිස්තෝල වර්ගයේ ගිනිඅවි 3ක් ඇති බවත් ඔහු විසින් හෙළි කළ අතර, අදාළ පිස්තෝල තුනෙක් දෙකක් මේවන විටත් සොයාගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

මීට අමතරව ඔහුගේ දේපළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ලොකු පැටී සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරමින් පවතිනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading