බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී. දිසානායක මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දී ඇති බව වාර්තා වේ.
වෙසක් පෝය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කරද්දී ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ මොහු මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව සඳහන් වේ.
සිද්ධියට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර ඇත.
එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටද රජය අවධානය යොමු කර ඇති අතර ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් ගණනාවක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති සමාව අවභාවිත කළේයැයි කියන සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට රජය සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි.
අධිකරණ අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය සඳහා නීතිමය රාමුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවද සකච්ඡා වෙමින් පවතින බව ද වාර්තා වේ.
