බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදී නගරාධිපති පුටුව දිනා ගැනීමට ජාතික ජන බල වේගය ඊයේ (11) සමත් වී ඇත. පළාත් පාලන ඡන්ද ප්‍රථිපල අනුව සභාවේ සංයුතිය වූයේ ජාතික ජන බලවේගයට සභික ධූර 6, ස්වාධීන කණ්ඩායම් අංක 1ට සභික දුර 5ක්, සමගි ජන බලවේගයට සභික ධූර 3ක්, කණ්ඩායම් අංක 2ට සභික ධූර 1ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 1ක් වශයෙනි. ප්‍රථිපල අනුව නගර සභාවේ 50% ක බලය තහවුරු කිරීමට කිසිදු පක්ෂයක් සමත් නොවූ බැවින් නගරාධිපති ධූරය තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා.
ඡන්ද විමසීමට සමගි ජන බලවේගයේ සභිකයින් තිදෙනා සහභාගී වී නොමැති අතර නගරාධිපති ධුරය සඳහා NPP අපේක්ෂකයා සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයා තරඟ වැදී ඇත. එහිදී ස්වාධීන කණ්ඩායම් වල සහයද ඇතිව NPP යට සභිකයින් 8 දෙනෙකුගේ ඡන්දය ලැබුණු අතර ස්වාධීන කණ්ඩායම් අංක 1 නියෝජනය කළ අපේක්ෂකයාට ලබා ගත හැකි වූයේ ඡන්ද 4ක් පමණි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයා ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. ඒ අනුව ජාතික ජන බලවේගයේ රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්ව වික්‍රම බණ්ඩාරවෙල මහනගර සභාවේ නගරාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
මේ අතර නුවරඑළිය සහ බදුල්ල පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සහ ජීවන් තොණ්ඩමන්ලා සාකච්ඡා කරම්න් සිටී.
