ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර මුදා හැරි අතුල තිලකරත්න නැමැත්තා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වන බවත්, ඊළඟ නඩු වාරයේදි අධිකරණය සහ රටම මවිත වන කරුණු දැක්විමක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව තමා වගකිමෙන් ප්‍රකාශ කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ දීලිප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළද එම පුද්ගලයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාලව පෙනී සිටි බව වාර්තා වෙනවා.
ඒ ඔහුට ඇති වෙනත් නඩුවකට අදාලවයි.
කෙසේ වෙතත් ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව නඩුව ඊයේ (11) යළි කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඔහු පලාගොස් ඇති බව ප්‍රකාශ කළේ ය.
එහිදි තවදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, ප්‍රශ්න ගත සිරදඬුවම් විදි පුද්ගලයා පලා ගොස් ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන අවසන් නොමැත බවයි.
මෙම සිද්ධිය හුදෙක් අහඹු සිද්ධියක් නොවන බවත් වසර ගනනාවක් පුරා සාමුහිකව සිදුකළ වංචාසහගත ක්‍රියාවක් බැවින් කඩිනමින් විමර්ශන අවසන් කල නොහැකි බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.
ලංකාවේ මෙවැනි අපරාධකරුවන් ඉතාමත් සුක්ෂම බවත් මුල් පුටු වල ඉන්න මෙවැනි පුද්ගලයන් කාටත් වඩා සුක්ෂම බැවින් විමර්ශන කටයුතු සඳහා තව සති දෙකක කාලයක් අවශ්‍ය බව සඳහන් කළේ ය.
එමෙන්ම ඊලඟ නඩු දිනය වන විට මෙම විමර්ශන පිළිබඳව අධිකරණය විමතියට පත් වන අකාරයේ තොරුතුරු රැසක් එලි කරන බව තමා ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
ජනාධිපති නිතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙනුවෙන් යලිත් ඇප අයැදුමක් ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
නඩුව යළි ජුනි 25 වැනිදා කැඳවීමට නියමිතයි.
