අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ එයාර් ඉන්දියා සමාගමට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. මගීන් 242 දෙනෙකුට අධික පිරිසක් රැගත් බෝයිං 787-B යානය අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ප.ව. 1.38ට ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මෙලෙස මේඝානි නගර් නම් ප්‍රදේශයට කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කඩා වැටුණු ගුවන් යානය පිපිරී යාමත් සමග ගිනිගෙන ඇති අතර එයාර් ඉන්දියා පවසන ආකාරයට ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සිට ඇත.
Flightradar24 නිරීක්ෂණ වෙබ් අඩවිය පවසන්නේ “ගුවන්ගත වී තත්පර කිහිපයකට පසු” අඩි 625 (මීටර් 190) ක් ඉහළ අහසේදී යානයෙන් අවසන් සංඥාව ලැබුණු බවයි.
