රාජපක්ෂ කාලයේ එක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බ්‍රිගේඩියර් ශම්මි රිමාන්ඩ්!

ෆසීර් මොහොමඩ්/ තරිඳු උඩුවරගෙදර

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව ප්‍රධාන චූදිතයෙක් වූ බ්‍රිගේඩියර් ශම්මි අර්ජුන කුමාරරත්න ජුනි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ජුනි 11 දින නියෝග කළා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීමට අදාල නඩුකරයේ හතරවැනි සාක්ෂිකරුවා වූ මුරලි යන සාක්ෂිකරුට තමන්ගේ සාක්ෂිය වෙනස් කරමින් ලබාදීම සඳහා තර්ජනය කිරිමේ සිදුවීම අදාලවයි මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කළේ.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය එම නියෝගය නිකුත් කළා. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුන් කිරීමට අදාල ප්‍රධාන නඩුකරයේ හතරවැනි සාක්ෂිකරුට තමන්ගේ සාක්ෂිය වෙනස් කරමින් ලබාදීම සඳහා තර්ජනය කළායැයි සිදුවීමට දාල විමර්ශන වින්දිතයන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාශය මගින් සිදුකළා. එම පොලිස් ඒකකය මගින් බ්‍රිගේඩියර් ශම්මි අර්ජුන කුමාරරත්නව ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගත්තා.

අද දිනයේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 14 වැනි වගන්තිය යටතේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය ඉදිරිපිටට ශම්මි අර්ජුණ කුමාරරත්නව ඉදිරිපත් කළා. විමර්ශන අවසන් නොවූ බැවින් ඇප ලබාදීමක් සිදු නොකරන ලෙස ඉල්ලීමක් සිදු කළා.

සාක්ෂිකරුවකුට බලපෑම් කළායැයි කියන සිද්ධියට අදාලව තවත් හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සම්බනධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බැවින් ශම්මි කුමාරරත්නට ඇප ලබාදුනහොත් එම ඇප ලබාදීම විමර්ශනයට බාධාවක් විය හැකියි යන පදනමින් ඇප ප්‍රතික්ෂේප කරන ලෙස පොලීසිය ඉල්ලීම් කළා. ශම්මි කුමරරත්න වෙනුවෙන් ජනධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතළු කණ්ඩායමක් පෙනී සිටියා. ඔවුන් ඇප ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළා.

විශේෂයෙන්ම ශම්මි කුමාරරත්නගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියා. කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරිය ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්න මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.  

Author

Related Posts