ජිමුත් ඉඳුසර රත්නායක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බව දැනුම් දී තිබෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති අතර මින් පෙර ද ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා.
මෙරටට ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදුකර ඇති බවත් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම හේතුවෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළා.
කැබිනට් මණ්ඩලය විසින් සිදුකළ ක්‍රියාවකට අදාලව සාමූහික වගකීමකට යටත්ව, කැබිනට් මණ්ඩලයේ නායකයෙකුව සහ විධායක ජනාධිපතිවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රශ්න කිරීම ඓතිහාසික සිදුවීමක් වනවා. ජනාධිපතිවරයා පවා නීතියට යටත් විය යුතු බව යළි වතාවක් තහවුරු කරනවා.
