බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දින රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම නියෝගය නිකුත් කර තිබෙනවා.

තුෂාර උපුල්දෙණිය මහතා අද(10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතික ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා පසුගිය ඉරිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු ඊයේ රාත්‍රී අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

Author

Related Posts