රැඳවියන් නිදහස් කිරීම ගැන තවත් පරීක්ෂණයක්

ජනපති සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයත් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, එම විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරන බවයි.

මේ අතර, ජනාධිපතිවරයා විසින් සමාව සඳහා අනුමත කරන ලද සිරකරුවන් 388 දෙනාගේ නිල ලැයිස්තුවේ තිලකරත්න නමති අදාළ රැඳවියාගේ නම නොමැති බව අධිකරණ අමාත්‍යවරයා ඊයේ (09) තහවුරු කළා.

ඔහු අවධාරණය කළේ, මෙම ක්‍රියාවලිය තුළ අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව පැහැදිලි බවයි.

ජුනි 6 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කරන ලද බව අමාත්‍යවරයා පවසා සිටියා.

Author

Related Posts