පශු වෛද්‍ය නිලධාරීන් වර්ජනයක

සේවා ව්‍යවස්ථාවක් සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඊයේ දින ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදී එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බව එම සංගමය ප්‍රකාශ කරයි.

වර්ජනය හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරාය සහ ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යවරුන්ගේ සේවාවන් අඩාල විය හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා ඊයේ වැඩිදුරටත් පැවසීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading