වසර 35 කට පසු කන්කසන්තුරේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවක් ඊයේ (8) දින ආරම්භ විය. ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වූ අතර දුම්රිය සේවය තවදුරටත් දියුණු කළ යුතු සේවයක් බව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියා.
දුම්රිය දෙපාර්තමේන්තුවත් කන්කසන්තුරේ දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩයත් මහන්සි වෙලා මිනිස්සුන්ගෙන් ඉල්ලීම අවුරුදු 35කට පස්සේ මෙම සේවාව නැවත ආරම්භ කරන බවත් ඒ මහන්සි වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ පවතින අනෙකුත් අඩුපාඩු සකස් කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒවා සඳහා වන විසඳුම් යෝජනා මේ වන විට ඉල්ලා ඇති බවත් ඔහු පැවැසීය.
දුම්රිය ස්ථානය පමණක් නොව කන්කසන්තුරේ කර්මාන්ත කලාපය පටන් ගැනීමටත් කර්මාන්ත අමාත්‍යංශය තීන්දු කර ඇති අතර කලාපය දක්වා දුම්රිය මාර්ගය දීර්ග කරන ලෙසත් ඉල්ලීම් ලැබී ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.
