ජිමුත් ඉඳුසර රත්නායක
යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වූ යහපත් කල්ක්‍රියාවෙන් යුතු වයස අවුරුදු 45 ට අඩු 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර ඇති බව තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
එම පිරිස වසර 05ක කාලයක් සඳහා පොලිස් උප සේවයට බඳවා ගැනීමට යෝජිත බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
පොලිසිය හා යුද හමුදාව ආයතන දෙකක් වශයෙන් පවතින අතර විශ්‍රාමික යුද හමුදා සේවයේ නියුතුව සිටි අය නැවත පොලිස් සේවයට බඳවා ගැනීමේ සැබෑ අරමුණ කුමක් ද ? යුද පුහුණුව ලද අයවලුන් පොලිස් සේවාව සඳහා බඳවාගැනීමේ දී ඔවුන්ට නැවත පොලිස් පුහුණුවීම් ලබාදෙනවා ද ? එම ආයතන අතර ඇතිවිය හැකි අභ්‍යන්තර ගැටලු පිළිබඳ තත්ත්වයන් මොනවා ද ? මෙසේ නැවත පොලිස් සේවයට බඳවා ගන්නා අය තෝරාගනු ලබන්නේ කුමන නිර්ණානයක මත ද ? යන ප්‍රශ්න එහි දී අනිවාර්යයෙන් ම මතුව එන අතර ඒ පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙළ හරහා පිළිතුරු ලැබෙනු ඇතැයි අප සිතනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ ව WhatNews අප වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ තවමත් ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර නොමැති බවත් ඉදිරියේ දී ඒ පිළිබඳ ව තොරතුරු ලද සැනින් අප දැනුවත් කරන බවත් ය.
