NPP ආණ්ඩුවත් විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩා විකුණන්න හදනවා – දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, කම්කරු අරගල මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ විදුලි සේවක සංගමය එක්ව විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදී අද (09) දින අත්පත්‍රිකා බෙදීමක් සිදු කළා.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින් පෙරටුගාමී පක්ෂයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කළේ පහුගිය ආණ්ඩුව ගෙන එන ලද අර්බුධකාරී විදුලි බල මණ්ඩල පනතට සංශෝධනයක් ගෙන ඒමට NPP ආණ්ඩුවද සූදානම් වන බවයි.
පහුගිය ආණ්ඩුව ගෙන ආ පනතින් පැනනැගුණු ප්‍රධාන ප්‍රශ්න වන්නේ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය, ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීමට තීරණය කර තිබීම, පනත මගින් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය අනතුරේ හෙළීම සහ මහජනතාව වෙනුවෙන් මැදහත් වීමට ඇති ආයතනය වන මහජන උපයෝගීතා කොමිසමේ බලය අඩු කිරීම යන කාරණාය. එවකට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ඊට විරුද්ධව පැවති වෘත්තීය ක්‍රියාමාර්ග වලට නායකත්වය දුන් අතර, වර්ජන වල ප්‍රතිපලයක් ලෙස සේවකයින් රැකියාවලින් නෙරපා හරිනු ලැබිය. එසේම ඒ මොහොතේ රන්ජන් ජයලාල් මේ පනත පුච්චා ඔවුන් බලයට ආ විගස මේ පනත අහෝසි කරන බව පැවසූ බව දුමින්ද නාගමුව සඳහන් කළා.

මේ වන විට NPP ආණ්ඩුවද මේ පනතට සංශෝධනයක් ගෙනවිත් ඇත. කලින් ආණ්ඩුව ගෙන ආ යෝජනා අතර විදුලි බල මණ්ඩලය කොටස් 14කට බෙදා සමහර ආයතන වල 50%ක කොටස් විකිණීම, සමහර ආයතන පෞද්ගලීකරණය නොකිරීම, සමහර ආයතන සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීම යන කාරණා ඇතුළත් විය. NPP ආණ්ඩුව පනත සම්මත කර ගැනීම සඳහා කලින් ආණ්ඩුව යෝජනා කළ, මණ්ඩලය කෑලි 14කට කැඩීම වෙනුවට කෑලි 6කට කඩා අවුරුදු 2කට පසුව සමාගම් කොපමණ ප්‍රමාණයක්ද යන්න තීරණය වන වගන්ති ඇතුළත් කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
එසේම මෙය විදුලි බල මණ්ඩලය මණ්ඩලයක් ලෙස තිබියදී විකිණීමට නොහැකි බවත් සමාගම් බවට පත් කර කොටස් වෙළඳ පොලට ගෙනයාමේ සැලැස්මක් ආණ්ඩුවට ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී. රටේ මහජනතාවගේ බදු මුදල් වලින් හදා ඇති විදුලි බල මණ්ඩලය කොටස් වලට කැඩීමට ආණ්ඩුවෙන් ඉල්ලීම් කළේ කවුද යන්න දුමින්ද නාගමුව විමසයි. විදුලි බල මණ්ඩලය කුඩා කැබලි වලට කඩා විකිණීම සඳහා මෙලෙස සමාගම්කරණය සිදු කරන බව ඔහු වැඩිදුරත් සඳහන් කරන ලදී. ඔවුන් කිසිසේත්ම ඒ සඳහා ඉඩ නොදෙන බවත් සියලු විදුලිබල මණ්ඩල සේවකයින් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading