බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ (09) අද රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.
ජනාධිපති පොදු සමාව යටතේ රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමේ සිදුවිමට අදාලවයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 10ක කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබු අතර පෙරේදා රාත්‍රියේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක කාලයක් ප්‍රකාශ ලබාගනු ලැබුවා.
මෙම සිදුවිමට මේ වන විට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
