සාගරිකා නවත්වාගත් සමන්ත ඇගයීමට බිමල්ගෙන් උත්සවයක්

පානදුර මොරටුව අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී තිබෙනු දැක සාගරිකා දුම්රිය එම ස්ථානයට පැමිණීමට පෙර වළක්වාගැනීමට ක්‍රියා කළ සමන්ත ප්‍රනාන්දු මහතා සහ එම දුම්රිය පසුපස පැමිණි දුම්රියේ රියදුරු ඇගයීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සහභාගී වන උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ජුනි 09 වැනිදා උදෑසන ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම උත්සවය සංවිධානය කර තිබෙනවා.

ජුනි 05 වැනිදා සිදු වූ එම සිදුවීම පිළිබඳ විශාල සමාජ මාධ්‍ය සහ මාධ්‍ය අවධානයක් යොමු වූ අතර රජයේ ඇගයීමක් එම අනතුර වළක්වාගත් පුද්ගලයන්ට ලැබිය යුතු බවට සමාජ මාධ්‍යවල අදහස් මතු වී තිබුණා.

Author

Related Posts