කැලණිවැලි දුම්රිය මාර්ගයේ පදිංචිකරුවන්ට නව නිවාස

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ඊයේ (06) ජනතා අයිතියට පත් කළා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175 ක්. 

මෙහිදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම සිදු කෙරුණා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු අද දිනයේදී ම ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි. 

Author

Related Posts