මුහුදු බඩ මාර්ගයේ දුම්රිය රියැදුරන් දුම්රිය ධාවනයෙන් ඉවත් වෙයි…?

පානදුර හා මොරටුව අතර දුම්රිය සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. කෙසේ වුවද අද(6) උදෑසන 9.30ට දුම්රිය සමාන්‍යාධිකාරී සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී සැහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණහොත් තීරණය ස්ථිරවම ක්‍රියාත්මක කරන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව ප්‍රකාශ කළා.

ඊයේ දින (5) පානදුර – එගොඩඋයන ආසන්නයේ දුම්රිය මාර්ගයේ රේල් පීලි කොටසක් පුපුරා තිබූ අතර එය දුටු පුද්ගලයෙක් ඔහු ඇඳුමක් ඔසවාගෙන දුම්රිය මාර්ගයේ ඉදිරියට පැමිණ දුම්රිය රියදුරුට සංඥා කර සාගරිකා දුම්රිය නතර කරගෙන තිබුණා. ඉන් අනතුරුව සාගරිකා දුම්රිය නවතා තාවකාලිකව දුම්රිය මාර්ගය වසා දමා ඇති අතර එමගින් දුම්රිය ප්‍රමාදයක්ද සිදු විය. නමුත් දුම්රිය සංඥා පද්ධතිය මගින් මෙම තත්ත්වය නිසි ලෙස සන්නිවේදනය කර නොමැති බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. ඒ මොහොතේ පානදුර සිට කොටුව බලා ගමන් කළ දුම්රියකට කොළ පැහැති සංඥා සහිතව බාධාවකින් තොරව යා හැකි බව පෙන්නුම් කර ඇත.

දුම්රියේ ගමන් කරන දෙදාස් පන්සීයට ආසන්න මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව වගකීම රියදුරන් සතු වන බවත් මෙලෙස අබලන් සංඥා පද්ධති නිසා සියලු දෙනා අනතුරේ බවත් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

එසේම දිරා ගිය සහ අබලන් දුම්රිය මාර්ග පිළිබඳව ජනතාව ඉතා කනස්සල්ලෙන් යුතුව අසා සිටියේ මේ දිරා ගිය දුම්රිය මාර්ග පිළිසකර කරන්නේ කවදාද යන්නයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading