ජිමුත් ඉඳුසර රත්නායක
මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම වෙනුවෙන් වූ හමුවක් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්තුමිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගීත්වයෙන් ඊයේ (5) පාර්ලිමේන්තුවේ පරිශ්‍රයේ දී පැවැත්වුණු බවත් එහි සභාපති ලෙස ඉදිරියේ දී තමා කටයුතු කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායක්තව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්හෙත්ති මහතා ඊයේ ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළා.
ඒ අනුව අමාත්‍ය සුනිල් හඳුන්හෙත්ති සහභාගී වන පළමු මඩකළපුව දිස්ත්‍රික් කමිටු රැස්වීම ජුනි 11 වන දින පෙරවරු 9.30 ට මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමස්ත ප්‍රතිඵල හා සැසඳීමේ දී ජාතික ජන බලවේගය ප්රමුඛ වර්තමාන ආණ්ඩු පක්ෂයට සමස්ත දිස්ත්‍රික් ජයග්‍රහණය ලබාගත නො හැකි වූ එක ම දිස්ත්‍රික්කය වූයේ මඩකලපුව දිස්ත්‍රික්කයයි. එමෙන් ම දිස්ත්‍රික්කයට හිමි ආසන 05 ආසන 01 ක් පමණක් ජාතික බලවේගයට හිමි වන විට ඉලංගෙයි තමිල් අරසුකඩ්චි පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ආසන 03 කට හිමිකම් කීමට සමත් වීම සමඟ දමිළ හා මුස්ලිම් ජනගහනය වැඩි වශයෙන් ජීවත් වන එම ප්‍රදේශය තුළ ජාතික ජන බලවේගය ද්විතීය ස්ථානයකට ඇද වැටීම දේශපාලනික වශයෙන් සුළු ජාතීන් වෙත පක්ෂයේ ස්ථාවරය නැවත පැහැදිලි ප්‍රශ්න කිරීමකට නතු කළා.
සම්ප්රදායක් ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කිරීම සිදු කරන අතර විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුව ඒ සඳහා පත්කිරීමේ බාධාවක් නැති අතර ජාතික ජනබලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන කන්තසාමි ප්‍රභූ හා ඉලංගෙයි තමිල් අරුසු කඩ්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් මඩකලපුව දිස්ත්‍රික් නියෝජිතයන් වශයෙන් සිටිය දී ම දමිළ හා මුස්ලිම් ජනගහනය වැඩි වශයෙන් ජීවත්වන මෙම ප්‍රදේශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස මාතර දිස්ත්‍රික්කයේ සිංහල මන්ත්‍රීවරයෙකු පත් කිරීම ආණ්ඩුවේ දෘෂ්ටිවාදය නැවත නැවතත් ප්‍රශ්න කරනවා.

ජාතිවාදී ස්ථාවරයක් සහිත ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය වීම හරහා නැවත ජාතීන්ගේ ප්රශ්නය පිළිබඳ පක්ෂ ස්ථාවරත්වය මඩකලපු ඡන්ද දායකයන් විසින් ප්‍රශ්න කළ මොහොතක දී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වුණු සුනිල් හඳුන්හෙත්ති අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස පත්කිරීම බරපතල ගැටලුවක් ලෙස දැක්විය හැකිවන්නනේත් ඒ නිසයි.
