කෙහෙල්බද්දර පද්මේට පාස්පෝට් හැදූ නිළධාරීන්ට ඇප

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු තිදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
සැකකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියම කළ අතර සැකකරුවන් සඳහා විදෙස් ගමන් තනමක්ද පැනවූවා.
ඇප ලබා ගැනීමෙන් අනතුරුව අනෙකුත් සැකකරුවන් දෙදෙනා මේ මස 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතු බවට නියෝග කළ අතර නඩුව නැවත නොවැම්බර් මස 13 වෙනිදා කැඳවීමට නියමිතයි.

Author

Related Posts