මර්වින්ට අධිචෝදනා

හෙළි නොකළ මුදල් සහ රුපියල් මිලියන 800කට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව විත්තිකරුට මෙම චෝදනාවට අදාලව ලක්ෂ 50 බැගින් වු ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියම කළා.

මෙම නඩුව ජුලි 11වනදා යළි කැඳවනු ලබනවා.

කෙසේවනමුත් මර්වින් සිල්වා මහතා මේ වන විටි කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

Author

Related Posts