ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව 2025 ජුනි 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළා.
ඔහු පසුගිය 30 වනදා සිට මේ ආකාරයට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස බන්ධනාගාර ගත කරන ලදී.
