රෝග වැලඳුණු පොල් ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් 3000 සිට 10000ක් දක්වා වැඩි කළ බව පොල් වගා කිරීමේ මණ්ඩලය 2025.06.05 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
පොල් වගාව ආශ්‍රිතව දකුණු පළාත තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ කොළ මැලවීම හා කුණු වීමේ රෝගය පිළිබඳව 2008 වසරේදී පමණ පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත වාර්තා වීමෙන් අනතුරුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිකර්ම සෙවීමට පොල් පර්යේෂණය ආයතනය සමග කටයුතු කර ඇත. නමුත් කිසිදු පළිබෝධක නාශකයක් හෝ ප්‍රතිකර්මයක් නොමැති බව පර්යේෂණයන් මගින් තහවුරු කරගෙන ඇත. රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට කිසිදු විකල්පයක් නොමැති නිසා එකම විසඳුම ලෙස රෝගී පොල් ගස් විනාශ කිරීම 2010 වසරේදී පමණ ආරම්භ කර ඇත.
මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පොල්ගස් පමණක් පොල් ගස් 6200ක ප්‍රමාණයක් කැපීමට සලකුණු කර ඇති අතර ඉදිරි මාස තුන තුළ විවිධ දෙපාර්තමේන්තුවල පිරිස් යොදා කඩිනමින් කපා ඉවත් කිරීමට 2025.06.04 දින පවතී දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුවේදී තීරණය කර ඇත.
රෝගී තාත්තට පත් වූ පොල් ගස් ඉවත් කිරීම වෙනුවෙන් එක් පොල් ගසකට රුපියල් 3000ක මුදලක් ගෙවා ඇති අතර කපා ඉවත් කළ පොල් ගස් වෙනුවට අලුතින් සිටුවීම සඳහා පොල් පල ලබා දීමේ වැඩසටහනක්ද පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇත.

මේ සම්බන්ධයෙන් වගා කරුවන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහා රෝගී තාත්තට ගොදුරු වූ පොල්ගස් ඉවත් කිරීම සඳහා මෙතෙක් ලබා දුන් රුපියල් 3000 ක්ව තිබූ වන්දි මුදල රුපියල් 10000ක් දක්වා ඉහල දැමීමට 2025.06.04 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.