සිය හිතවතුන් විවිධ තනතුරුවලට පත් කිරීමෙන් දූෂණය නැමැති වරද කළේ යැයි චෝදනා කරමින්, හිටපු කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාරට අද (6) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇත.
නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර මෙලෙස මහාධිකරණයට භාර දී ඇත.
මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාර දෙනු ලැබූ අතර විත්තිකාරියගේ ඇඟිලි සලකුණ ලබාගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා. නඩුව නැවතත් ලබන 20 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කර සිටියේ ය.
