ලුණු වැඩි මිලට වික්කොත් පාලන මිලක් දානවා… – වසන්ත සමරසිංහ

පැවති ලුණු හිඟය නිසා රජය ලුණු ආනයනය සඳහා අවසර දුන් බවත් දැන් එම හිඟය ආනයන කරුවන් විසින් ජාවාරමක් බවට පත් කරගෙන ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.

ඉන්දියාවෙන් ගෙන්වන ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 79කට ලැබෙන අතර එය රුපියල් 100 ත් 120ත් අතර මුදලකට විකිනීමට හැකියාව තිබියදී ඊට වඩා වැඩි මුදලකට අලෙවි කරන බව දක්නට ලැබෙන බව අමාත්‍යවරයා පවසයි. මේ පිළිබඳව ආනයන කරුවන් සහ ඔවුන්ගේ සංගම් දැනුවත් කර ඇති අතර නැවත නැවත එවැනි ආකාරයට අසීමිත අතිරික්ත ලබා ගැනීම සඳහා වැඩි මිලට ලුණු විකුණුවොත් උපරිම සිල්ලර මිලක් දැමීමට සිදු වන බවට ඒ සඳහා කිසිසේත් ඉඩනොදෙන බවට අනතුරු අඟවන ලදී. ලුණු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැට අටදාහක් ලුණු ගෙන්වීමට අවසර ලබාගෙන ඇති අතර 10 වෙනිදා වන විට ලුණු තොගයක් ලංකාවට පැමිණීමට නියමිතයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading