දුමින්ද යළි රිමාන්ඩ්

රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජුනි 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

පසුගිය 29 වැනිදා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදුකළද එය ප්‍රතික්ෂේප කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හිටපු අමාත්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. 

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී හමුවූ රන් පැහැ ගැන් වූ ටී56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා.

හිටපු අමාත්‍යවරයාට අමතරව මෙම ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ තවත් පුද්ගලයෙකුද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Author

Related Posts